පසුගිය සමයේ සෞඛ්‍ය ක්ෂේත්රයේ දූෂණ, වංචා අක්‍රමිකතා පිළිබඳ හඬ නැඟූ වෛද්‍ය චමල් සංජීව සමගි ජන බලවේගය සමග එක්ව තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී ඔහු සිය එකඟතාව පළ කර ඇත.
මේ අවස්ථාවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් වෛද්‍ය චමල් සංජීව සමගි ජන බලවේගයට අනුබද්ධිත දූෂණ විරෝධි බලවේගයේ උපසභාපතිවරයා ලෙස සහ සමගි ජන බලවේග සෞඛ්‍ය ප්‍රතිපත්ති කමිටුවේ ලේකම් ධුරයට ද පත් කරනු ලැබූ බව වාර්තා වෙයි.