දුම්රිය සහ බස් ධාවනය ඇරඹේ..! විරෝධතාවට ජනතාව කොළඹට…!

July 9, 2022 at 10:09 am | by emanisa.lk

සියලු දුම්රිය සහ බස් ධාවනය අද උදෑසන සිට සාමාන්‍ය පරිදි සිදු කිරීමට තීන්දු කර තිබේ.

සියලු දුම්රිය සේවා උදෑසන 08 සිට ක්‍රියාත්මක බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

පිට පළාත්වල සිට කොළඹ බලා ධාවනය වන බොහෝ දුම්රිය මේ වන විට ගමනාරම්භ කර තිබේ. එම දුම්රියවල නැඟී විරෝධතාව සඳහා ජනතාව පැමිණෙන බව ද වාර්තා වෙයි.

ලංගම වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය ද මේ වන විට අවසන් කර තිබේ.

කෙසේ වුව ද මෙතෙක් බස් රථ ධාවනය සාමාන්‍ය තත්ත්වයට පැමිණ නොමැති බව බොහෝ ප්‍රදේශවලින් වාර්තා වෙයි.

ඊයේ (08) රාත්‍රී කොළඹ ප්‍රදේශ කිහිපයකට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ද අද උදෑසන 06ට ඉවත් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *