සියලු ම දුම්රිය ගාස්තු වැඩිවීමක් සහ සියලු ම වාර ප්‍රවේශපත්‍ර අත්හිටුවීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.
ඒ, දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කිරීම හේතුවෙනි. ඒ අනුව දැනට රුපියල් විස්සක්ව පවතින අවම ගාස්තුවේ සිට සියලුම දුම්රිය ගාස්තු බස් ගාස්තුව හා සමානව හෝ ආසන්න ප්‍රතිශතයකින් වැඩි කිරීමටයි යෝජනා වී ඇත.
වාර ප්‍රවේශ පත්‍ර සහනය අත්හිටුවා ඒ ආදායම මගින් දුම්රිය සේවකයින්ගේ වැටුප් ගෙවීමට කටයුතු කිරීමටත් සැලසුම් කර තිබේ.
දුම්රිය සේවකයන් 19000 ක පමණ සේවය කරන අතර ඔවුන්ට වැටුප් හා දීමනා ගෙවීමට දුම්රිය දෙපාර්තමේන්තුව මාසිකව ලබන ආදායම ප්‍රමාණවත් නොවීමත් ඒ සඳහා මුදල් වෙන් කිරීම අසීරු බව මහා භාණ්ඩාගාරය දැනුම් දී තිබීමත් මත මෙම යෝජනාව ඉදිරිපත්ව ඇත.
ප්‍රවාහන අමාත්‍යාංශයේ දී දුම්රිය ප්‍රධානීන්, දුම්රිය වෘත්තිය සමිති හා පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු සාකච්ඡා කර තිබේ.