ජාතික හෙළ උරුම මහා ලේකම් ධුරයෙන් ඉවත් වී පාඨලී චම්පක රණවක සමගි ජන බලවේගයට එකතු වන බවට අද (06) ඉරිදා දිවයින සංග්‍රහය පළ කර ඇති පුවත සම්පූර්ණයෙන් අසත්‍ය බව ඔහුගේ පෞද්ගලික ලේකම් ධනුෂ්ක රාමනායක වෙබ් අඩවියකට පවසා තිබේ.
එවැනි තීරණයක් ගැනීමට් තබා එවැනි සාකච්ඡාවක් පවා සිදු නොවූ බවත් ඉරිදා දිවයින කිනම් පදනමකින් මෙම පුවත පළ කළේ ද යන්න තමා නොදන්නා බවත් ඔහු වැඩි දුරටත් පවසයි.
මේ අතර නවීන් දිසානායක ද තමා සමගි ජන බලවේගයට එකතු ව බවට ඉරිදා දිවයින පළකර ඇති පුවත සම්පූර්ණයෙන් අසත්‍ය යැයි පවසා බැහැර කළ අතර අද පාඨකයාට රු. 80ක් ගෙවා පුවත්පත් පතුරුවා හරින බොරු බැලීමට සිදුව ඇතැයි ද චෝදනා කළේ ය.
කෙසේ වුව ද අර්ජුන රණතුංග එජාපයෙන් ඉවත්ව සමගි ජන බලවේගයට එකතු වන බවට පළව ඇති මෙම පුවත මෙතෙක් ප්‍රතික්ෂේප කර නැත.