නව රජයේ අග්‍රාමාත්‍ය වරයා ලෙස දිනේෂ් ගුණවර්ධන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ අද (22) උදෑසන දිවුරුම් දුන්නේය.
දිනේෂ් ගුණවර්ධන 1983 අතුරු මැතිවරණයෙන් මහරගම මන්ත්‍රීවරයා ලෙස මුලින්ම පාර්ලිමේන්තුවට තේරී පත්විය.
දිනේෂ් ගුණවර්ධන වත්මන් පාර්ලිමේන්තුවේ සභා නායක ලෙස ද කටයුතු කරමින් සිටියේය.
අනුප්‍රාප්තික ජනාධිපතිවරණයෙන් ඩලස් අලහප්පෙරුම ජනාධිපති ධූරයට පත්වූයේ නම් අගමැති ධූරය සජිත් ප්‍රේමදාසට ලබා දීමට නියමිතව තිබිණි.