දිනන්න ලේසි නෑ කියලා රනිල් දන්නවා..! – සුමන්දිරන්…

August 16, 2024 at 9:17 am | by emanisa.lk

මේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීම අපහසු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දන්නා බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පවසයි.

“එතුමා කිව්වා දෙමළ ජනතාවගේ සහයෝගයත් එතුමාට ඕනෙ කියලා. හැම ජනකොටසක්ම එතුමාට සහාය දෙනවා කියලා ඒක පෙන්වන්න ඕනෙ කියන එක. එතුමාටත් දන්නවා මේ මැතිවරණයේදී එතුමාට දිනන්න අපහසුයි කියලා.

ඉතින් 2029 එයා ඉලක්ක කරගෙන මේකෙදී තරග කරනවා නම් මං එයාට කිව්වේ අපේ ජනතාවට දැනෙන්න ඕනෙ ඔබතුමාගේ ප්‍රතිපත්ති මොනවද කියලා දෙමළ ජාතික ප්‍රශ්නය ගැන, බලය බෙදාහැරීමේ ක්‍රමය ගැන. ඉතින් ඒකට එතුමා කිව්වෙ පොලිස් බලතල තෙක් පවරන්නට මට විරෝධතාවයක් නෑ කියලා. ඉතින් ඒක එතුමා දැන් පැහැදිලිව කියනවා නම් අපේ ජනතාවත් ඒක ගැන හිතලා බලයි.”

එම්. ඒ. සුමන්දිරන් මහතා මේ බව පැවසුවේ ජනාධිපතිවරයා සමග ඊයේ (14) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *