කොවිඩ් පැතිරීම පාලනය කර ගැනීම සඳහා නිරෝධායන ඇඳිරි නීතිය තව සති දෙකක්වත් දීර්ඝ කළ යුතු බව තමාගේ පෞද්ගලික මතය යැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි.
මේ අතර කොවිඩ් ආසාදිතයන් පන්දහසක් පමණ දෛනිකව වාර්තා වුවත් සමාජයේ ආසාදිතයන් පනස් දහසක් පමණ සිටින බව විශේෂඥ මතය යැයි ද ඇය සඳහන් කළාය.
කොවිඩ් රෝගීන්ගේ සහ කොවිඩ් මරණවල සැලකිය යුතු අඩුවක් පෙනෙන්නට නැති හෙයින් රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීම සඳහා ජනතාව ඒකරාශීවීම වැළැක්වීම තව දුරටත් කළ යුතු බව පැවසූ රාජ්‍ය ඇමැතිනී ප්‍රනාන්දුපුල්ලේ, සමාජයේ පවුල් පිටින් කොවිඩ් ආසාදනය වන තත්ත්වයක් පෙනෙන්නට ඇතැයි ද කීවාය.
දැනට පවතින කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා රට ලොක්ඩවුන් කළ ද එය රටක් හැටියට දීර්ඝ කාලීනව කළ හැකි දෙයක් නොවන බවත් ඉදිරියේ දී ජනතාවට කොවිඩ් රෝගය හමුවේ ඊට අනුගතව සෞඛ්‍යාරක්ෂිතව ජීවත්වීමට සිදුවනු ඇති බවත් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කළාය.