වර්ෂාධික කාලගුණික තත්ත්වය සමග ජාතික විදුලි නිෂ්පාදනයෙන් ජල විදුලි නිෂ්පාදනය 52% දක්වා ඉහළ ගොස් ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක විදුලි ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත පවසන්නේ මෙම තත්ත්වය ඉදිරියටත් පවත්වාගෙන යාමට හැකි වුවහොත් ඊළඟ විදුලි බිල සංශෝධනයේ දී ජනතාවට සහනයක් ලබාදීමට හැකිවනු ඇති බවයි.
“පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය 78% නිශ්පාදනය කළා. මේ වෙද්දී ජලය මඟින් විදුලි නිෂ්පාදනය උපරිමයෙන් කලමනාකරණය කරනවා. ජනවාරි ගිගාවොට් 1000 වැඩි ප්‍රමාණයක් ලබාගන්න බලාපොරොත්තු වෙනවා.
දැනටමත් ජාතික විදුලි නිෂ්පාදිතයෙන් 52%ක් ජලයෙන් නිපදවන්න හැකිවෙලා තියෙනවා. එය හොඳ තත්ත්වයක්. සැප්තැම්බර් වියළි කාලගුණයක් තිබුණේ. මේ සමඟ විදුලිය දෙන්න බිලියන 18ක මුදලක් අවශ්‍ය වුණා. ඒ නිසයි මිල වැඩි කළේ. ඉදිරි මිල සංශෝධනය සමග මේ වාසිය ජනතාවට ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.”