දැක්මක් නැති බස් මෑන්ට රටක් ගොඩගන්න බෑ…! ඔහුට පුළුවන් බස් එළවන්න ෆුට්බෝල් ගහන්න..! – අනුර…

December 24, 2022 at 12:05 pm | by emanisa.lk

අපේ රටේ නව දේශපාලන ව්‍යාපාරයකට බලය අත්පත් කර ගැනීම සඳහා සුදුසු ම අවස්ථාව එළැඹ ඇතැයි ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.

මෙතෙක් ප්‍රතිවාදී දේශපාලන කඳවුරුවලට නායකත්වය දුන් චන්ද්‍රිකා, මහින්ද, ගෝඨාභය වැනි හාස්කම් සහිත නායකයින්ගේ යුගය අවසන්ව ඇතැයි ද ජවිපෙ නායකයා ප්‍රකාශ කළේය.

වර්තමානයේ පොහොට්ටුව පුවක් මල පොළොවේ ගැසුවා මෙන් විසිරී ඇති බවත් ඊට නායකත්වය ලබා දෙන බැසිල් රාජපක්ෂ පට්ට හොරෙකු බවත් අනුර දිසානායක පෙන්වා දෙයි.

පසුගිය සමයේ පැවැති ආණ්ඩුව අප්‍රසාදයට පත්වන විට ඊළඟ ආණ්ඩුව ප්‍රධාන විපක්ෂයෙන් බිහි වීම ස්ථිර වුව ද දැන් එය ද වෙනස්ව ඇතැයි හෙතෙම අවධාරණය කරයි.

වර්තමාන විපක්ෂ නායකයාට කිසිදු දේශපාලන දැක්මක් නොමැති බවත් ඔහුට හැක්කේ බස් එළවීම, ඉඳහිට ෆුට්බෝල් ගැසීම ආදිය පමණක් බවත් අනුර දිසානායක සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *