දශක ගණනක ගුරු අරගලයට ජය..! පහුගිය අගෝස්තු සිට ගුරු සේවය සංවෘත සේවාවක්..!

January 15, 2022 at 8:04 am | by emanisa.lk

ශ්‍රී ලංකා විදුහල්පති සේවය, ගුරු උපදේශක සේවය සහ ශ්‍රී ලංකා ගුරු සේවය සංවෘත සේවා බවට පත් කර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

රාජ්‍ය සේවා කොමිසමේ එකඟතාව මත එය නිකුත් කර ඇති අතර පසුගිය අගෝස්තු 30 වනදා සිට බලාත්මක වනු ඇත.

උසස් කිරීම්, පත් කිරීම්, විනය, ස්ථාන මාරු හා අනෙකුත් ආයතන කටයුතු සම්බන්ධයෙන් වන බලතල හා විධිවිධාන ඒ ඒ සේවා සඳහා දැනට ක්‍රියාත්මක අයුරින්ම ඉදිරියටත් බල පැවැත්වෙන බව අදාළ ගැසට් නිවේදනයේ දක්වා ඇත.

එක් එක් සේවාවට අනන්‍ය වූ විශේෂිත වැටුප් ව්‍යුහයන් පිළිබඳ අදාළ බලධාරීන් විමසා සුදුසු පරිදි සංශෝධනය කර ගත යුතු වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස