පසුගිය මාස කිහිපයේ තෙල් ආනයනය සඳහා ඩො. මිලියන 250කට වඩා වැය කර නොමැති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.
පසුගියදා දින පනස් ගණනක් නැංගුරම්ලා තිබූ තෙල් නෞකාව කිසිදු ප්‍රමාද ගාස්තුවක් නොගෙවා නිදහස් කරගත් බව ද ඇමැතිවරයා අනාවරණය කරයි.
ඉදිරියේදී පැමිණෙන තෙල් නැව් මුදල් නොගෙවා ගොඩ බා කොටස් වශයෙන් මුදල් ගෙවා නිදහස් කර ගැනීමේ වැඩපිළිවෙළක් සකසා ඇති බව ද හෙතෙම සඳහන් කරයි.
මේ සඳහා ඉදිරියේ දී කැබිනට් අනුමැතිය ලබා ගන්නා බවත් ඉදිරියේ දී කිසිදු ඉන්ධද නැවක් සඳහා ප්‍රමාද ගාස්තු ගෙවීමට අවශ්‍ය නොවනු ඇති බවත් අමාත්‍ය කාංචන විජේසේකර අවධාරණය කරයි.