ඔක්තෝබර් මාසය තුළ පමණක් අවුරුදු 16ට අඩු ගැහැනු දරුවන් 131 දෙනෙක් දුෂණයට ලක්ව ඇතැයි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.
එහි නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර සඳහන් කළේ ඉන් දරුවන් 10 දෙනෙක් මේ වන විට ගර්භණීභාවයට පත්ව ඇති බවයි.
සැප්තැම්බර් මාසයේ දී ද 16 ට අඩු ගැහැනු දරුවන් 168 දෙනෙක් දුෂණයට ලක්ව ඇති බවත් ඒ අතුරින් 22ක් ගැබ් ගෙන ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරිය වැඩිදුරටත් හෙළි කළාය.