“දින 10න් ලක්ෂ 20ක් මැයෙන්” සමගි ජන බලවේගයට නව සාමාජිකයන් බඳවා ගැනීමේ වැඩසටහන ලබන මස 7 වන දා සිට ලංකාව පුරා ආරම්භ කරන බව සමගි ජන බලවේග ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසයි.
මේ අනුව එක් ඡන්ද මධ්‍යස්ථානයකින් සමගි ජන බලවේගයේ නොවන අලුත් සාමාජිකයන් 200ක් පක්ෂයට බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.
ලබන මස 7දා ආරම්භ කරන මෙම වැඩසටහන දවස් 10ක් එක දිගට ක්‍රියාත්මක කරන බවත් ඒ ඔස්සේ නව සාමාජිකයන් ලක්ෂ 20ක් සමගි ජන බලවේගයට එකතු කර ගැනීමට නියමිත බවත් තිස්ස අත්තනායක කීවේය.