දයා රත්නායක මව්බිම ජනතා පක්ෂයට…!

February 1, 2024 at 12:17 pm | by emanisa.lk

පෙරේදා (30) පෙරවරුවේ සමගි ජන බලවේගයට එකතු වූ හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක මව්බිම ජනතා පක්ෂයට එකතු වී ඇතැයි වාර්තා වෙයි.

අද (01) උදෑසන මව්බිම ජනතා පක්ෂයේ මූලස්ථානයට පැමිණි දයා රත්නායක පක්ෂ නායක දිලිත් ජයවීර හමු වී සාකච්ඡා කොට තිබේ.

සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඊයේ (31) මාධ්‍ය හමුවක් කැඳවමින් ජෙනරාල් දයා රත්නායක දැඩි ලෙස විවේචනය කළේය.

එම විවේචනය සම්බන්ධයෙන් කලකිරීමට පත් වූ ජෙනරාල් දයා රත්නායක දිලිත් ජයවීර සමග සාකච්ඡාවක් පවත්වා “සමාවෙන්න” යනුවෙන් ප්‍රකාශ කර ඇතයි ද සඳහන් ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *