දයාසිරිගෙන් මණ්ඩලේට ලක්ෂ 6ක පොල්ලක්…!

October 6, 2022 at 8:46 am | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පදිංචිව සිටි කොළඹ 07, ග්‍රෙගරි පාර, අංක 12 දරන නිවසේ, රුපියල් හයලක්‍ෂ තිස්හත් දහස් හාරසිය හතළිස් අටයි ශත තිස් අටක (637,448.38) විදුලිබිල ගෙවාදමා නැති නිසා වහා එය ගෙවා දමන ලෙසට ලංවිම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා ඔහුට දැනුම්දී තිබේ.

2016 වසරේ දී මෙම නිවස හිටපු ඇමැති දයාසිරි ජයසේකරට භාර දෙන අවස්ථාවේ දී තිබූ හිඟ මුදල රුපියල් හාරලක්‍ෂ අනූහතර දහස් හත්සියයක් බව ද දැනුම්දී ඇත. 2022 අගෝස්තු මස වනවිට එම හිඟ මුදල එකොළොස් ලක්‍ෂ තිස් දෙදහස් එකසිය අසූ අටයි ශත හතක් දක්වා වැඩි වී ඇත. එම හිඟ මුදල මෙම මස 15 වැනිදාට පෙර ගෙවන ලෙසට ලියාපදිංචි තැපෑලෙන් ලංවිම දැනුම්දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *