දකුණේ මුල් පුටුව ලක්ෂ්මන් යාපාට…!

April 28, 2024 at 11:01 am | by emanisa.lk

වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ලබන මැයි මස 03 වන දා දකුණ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස වැඩ බාරගැනීමට නියමිතය.

ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා එම තනතුර භාරගත් පසු පුරප්පාඩු වන වයඹ පළාත් ආණ්ඩුකාර ධුරයට හිටපු කැබිනට් අමාත්‍ය නසීර් අහමඩ් මහතා පත්කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග අනාවරණය කරයි.

මෙතෙක් දකුණ පළාත් ආණ්ඩුකාර ධූරය දැරූ විලී ගමගේ මහතා පසුගියදා විශ්‍රාම ගත්තේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *