දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහලේ වැසිකිළි වැඩ නෑ…!

May 30, 2024 at 4:51 pm | by emanisa.lk

මෑතක දී ජනතා අයිතියට පත් කළ ගාල්ල කරාපිටිය ජර්මානු ශ්‍රී ලංකා මාතෘ රෝහලේ පවතින නොවිසඳුණු ගැටලු කීපයක් හේතුවෙන් රෝහලට පැමිණෙන ගැබිනි මව්වරුන් ඇතුළු සෙසු රෝගීන් සහ රෝහල් කාර්ය මණ්ඩලය අපහසුතාවන්ට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙම නව රෝහලේ වැසිකිළිවල ජලය බැස යාමේ ගැටලු, ක්‍රමවත් ගබඩා නොමැති වීම, රෝහල් කාර්ය සහයකයන්ට ඇඳුම් මාරු කරන ස්ථාන නොමැතිවීම, රියැදුරන්ට විවේකාගාර නොමැතිවීම, පොලිස් මුරපොළට අවශ්‍ය පහසුකම් නොමැතිවීම යන ගැටලු මතු වී තිබේ.

මේ පිළිබඳව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගෙන් සිදු කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, මෙම රෝහල විවෘත කර තවම මාස ගණනක් වන අතර ක්‍රමානුකූලව යම් යම් අඩුපාඩු මගහරවා ගැනීමට කටයුතු කරන බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *