දකුණු ආසියාවේ වැඩිම ලයිට් බිල ලංකාවේ…! දෙවෙනියාට වඩා 97%ක් ඉහළ බිලක්…!

February 9, 2024 at 10:31 am | by emanisa.lk

දකුණු ආසියාවේ ඉහළ ම විදුලි බිල වාර්තා වන්නේ ශ්‍රී ලංකාවෙන් බව එය කලාපයේ සෙසු රටවලට වඩා තුන් ගුණයකින් පමණ ඉහළ බවත් වෙරිටේ රිසර්ච් නවතම වාර්තාවක් ඔස්සේ පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාවේ විදුලි බිල කලාපයේ අනෙකුත් රටවලට වඩා බොහෝ සෙයින් අධික බවත් ජනතාවට දරා ගැනීමට නොහැකි මට්ටමේ පවතින බවත් ඔවුහු පෙන්වා දෙති.

මේ අනුව කලාපයේ දෙවන වැඩි ම විදුලි බිල පකිස්ථානයෙන් වාර්තා වන නමුත් එය ශ්‍රී ලංකාවේ බිලට වඩා ඉතාමත් අඩු බව වෙරිටේ පවසයි.

විදුලි ඒකක 300ක් භාවිත කරන ශ්‍රී ලංකාවේ නිවසක් ගෙවිය යුතු බිල පාකිස්තානයට සාපේක්ෂව සියයයට 97කින් ඉහළ බව ඔවුහු පෙන්වා දෙති.

එසේ ම, විදුලි ඒකක 100ක් පාවිච්චි කරන ශ්‍රී ලංකාවේ නිවෙසක ගෙවිය යුතු විදුලි ගාස්තුව එම ඒකක ප්‍රමාණයම පාවිච්චි කරන පාකිස්තාන නිවසකට වඩා සියයට 50කින් ඉහළ යැයි වෙරිටේ පවසයි.

පෙබරවාරියේ රජයේ බදු අඩු කිරීම ඔස්සේ විදුලි බිල සියයට 4කින් කප්පාදු කිරීමට නියමිතව ඇති නමුත් එම ප්‍රමාණය නොගිණිය හැකි තරම් අගයක් වනු ඇතැයි ද දකුණු ආසියා කලාපයේ වැඩි ම විදුලි බිල ඉදිරියේදීත් ශ්‍රී ලංකාව දරනු ඇතැයි ද වෙරිටේ පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *