දකුණු ආසියාවේ මුලින් ම ෆයිසර් එන්නත ගත්තේ අපි….! හෙට ශ්‍රී ලංකාවට ෆයිසර් එන්නත් 26 000ක්….! – ඇමැති චන්න…

July 4, 2021 at 8:26 pm | by emanisa.lk

ඇමරිකානු ෆයිසර් එන්නත් 26 000ක තොගයක් හෙට (05) දිවයිනට ලැබීමට නියමිත බව ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය චන්න ජයසුමන පවසයි.

ෆයිසර් එන්නත් ලබා ගැනීමට සමත් වූ දකුණු ආසියාවේ ප්‍රථම රට ශ්‍රී ලංකාව බව ද ඇමැතිවරයා අනාවරණය කරයි.

ලබන සතියේ මාත්‍රා 26 000ක් ද මේ මස තෙවන සතියේ මාත්‍රා 60 000ක් සිව් වන සතියේ 90 000ක් ලෙස මාත්‍රා ලක්ෂ 02ක් ලැබීමට නියමිත බව ඔහු ප්‍රකාශ කරයි.

මේ වන විට ලංකාවට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 6, 494,000ක් ලැබී ඇති බවත් ඉන් පුද්ගලයින් 4, 186, 533 දෙනෙකුට එන්නත් ලබා දී ඇති බවත් වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස