ත්‍රීරෝද රථ කර්මාන්තයේ යෙදෙන ත්‍රීරෝද රථ සඳහා සතියකට ඉන්දන ලීටර 30ක් අවශ්‍ය බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ හිමියන්ගේ වෘත්තීය සමිතිය සඳහන් කරයි.
එහි සභාපති සුදිල් ජයරුක් සඳහන් කරන්නේ ඒ පිළිබඳව තව දුරටත් සාකච්ඡා අනවශ්‍ය බවයි.
එය සිදු නොකරනේ නම් ආණ්ඩුව එළවා දැමීමට කටයුතු කරන බව ද කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසීය.
සතියකට දෙන ඉන්ධන ලීටර පහ යනු දිනකට තුන්කාලක පමණ ප‍්‍රමාණයක් බවත් මෙම හේතුවෙන් කර්මාන්තයේ නියුතු අට ලක්‍ෂයක් පමණ දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බවත් සභාපතිවරයා තව දුරටත් සඳහන් කළෙය.