පාස්කු මහ මොළකරුවන් අල්ලන තුරු අපි බලං ඉන්නවා…!- සජිත්….

March 2, 2021 at 10:27 pm | by emanisa.lk

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ ත්‍රස්ත නායකයින් හෙළි කරන තුරු රටේ ජනතාව පමණක් නොව තමන් ද බලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්කළ කොමිසම් වාර්තාව මගින් ඒ සඳහා පිළිතුරු ලැබී නොමැති බව ඔහු පෙන්වා දෙයි.

තිස් වසරක යුද්ධය අවසන් කළ ද මෙවර ජනතාවට ලබා දුන් පොරොන්දුව ඉටුකළ නොහැකි වී ඇතැයි හෙතෙම චෝදනා කළේ ය.

ආණ්ඩුව ත්‍රස්ත නායකයින් හෙළි ඇල්ලීමේ නොව හැංගීමේ මෙහෙයුමක නිරත වන්නේ දැයි තමන්ට සැක සිතෙන බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස