තායි නියෝජ්‍ය අගමැති ආවේ පෞද්ගලික සංචාරයක්… කෛලාස පූසාරිතුමා ආවේ නිල සංචාරයක්…!

October 23, 2026 at 3:04 pm | by emanisa.lk

තායිලන්තයේ නි. අගමැතිවරුන් හත්දෙනෙකු සිටින බවත් ලංකාවට පැමිණ මිහින්තලේ චෛත්‍යයට කොත් පැළඳවීමට එකතු වූයේ ඉන් එක් අයෙකු බවත් විදේශ අමාත්‍ය විජිත හේරත් පවසයි.

එය පෞද්ගලික සහ ආගමික සංචාරයක් බව තායිලන්ත තානාපති කාර්යාලය තමන් වෙත දැනුම් දී ඇති බවද ඇමතිවරයා පෙන්වා දෙයි.

එහෙත් ඉන්දියාවෙන් කෛලාසනගිරි පූසාරිතුමා පැමිණියේ ආගමික සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට අදාළ කටයුත්තකට බවත් ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දුන් බවත් විදේශ ඇමති විජිත හේරත් ප්‍රකාශ කරයි.

තායිලන්ත නියෝජ්‍ය අගමැතිනියට රාජතාන්ත්‍රික පිළිගැනීමක් ලබා නොදීම පිළිබඳ ඊයේ (22) විපක්ෂය පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ අවස්ථාවේ හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස