තායිවාන බෞද්ධ පිරිසක් යාපනේ සංචාරයක…!

August 26, 2023 at 5:24 pm | by emanisa.lk

තායිවාන බෞද්ධ සංචාරකයින් පිරිසක් අද (26) යාපනය ප්‍රදේශයේ සංචාරය කර තිබේ.

එහි දී මෙම පිරිස අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් පිරිසකට පාසල් උපකරණ බෙදා දීමට ද කටයුතු කර ඇත.

මෙම අවස්ථාවට යාපනය තරුණ බෞද්ධ සංගමයේ සභාපති අරුණ් සිද්ධාර්ත් ඇතුළු පිරිසක් ද එකතු වූහ.

තායිවාන සංචාකයින් යාපනය ප්‍රදේශයේ සංචාරය සඳහා එතරම් උනන්දුවක් නොදක්වන අතර ඉදිරියේ දී ඒ සඳහා වැඩි වැඩියෙන් පිරිස් යොමු කරන බව මෙම පිරිස සඳහන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *