අගමැති මහින්ද රාජපක්ෂට සැත්කමක් කළ බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යයතාවක් නැතැයි ඇමැති නාමල් රාජපක්ෂ පවසයි.
සිය පියා සමග තමා ද රෝගියෙකු බැලීමට රෝහලට ගිය බවත් ඇමැතිවරයා ප්‍රකාශ කරයි.
සිය පියාට සැත්කමක් කළේ යැයි පවසන දින තම මවගේ උපන් දිනය යෙදී තිබූ බවත් එදින පියා ඇතුළු සියලු දෙනා නිවසේ සිටි බවත් ඔහු අවධාරණය කරයි.
එසේ ම සිය පියාගේ බැංකු ගිණුමකින් මුදල් සොරකම් කළ බවට පැතිරෙන කතා තමන් ද දුටුවේ මාධ්‍ය ඔස්සේ බවත් එවැන්නක් තමා නොදන්නා බවත් නාමල් රාජපක්ෂ අවධාරණය කරයි.