ත්‍රීවිල් සහ කුළී රථවල ගෙන යා හැක්කේ මගීන් දෙදෙනායි! උපදෙස් කැඩුවොත් නීතිමය පියවර ගන්න පොලිසිය සූදානම්!

April 21, 2020 at 9:54 pm | by emanisa.lk

කුළී රථ හා ත‍්‍රීරෝද රථවල රියදුරු හැර ගමන් කළ යුතු උපරිම මගීන් ගණන දෙදෙනකුට සීමා කරන ලෙස පොලිසිය නියෝග කර තිබේ.

එම ආරක්ෂක උපදෙස්වලට පටහැනිව ක‍්‍රියාකරන අවස්ථාන්හිදී නෛතික පියවර ගැනීමට කටයුතු කළ යුතු බව ද වැඩ බලන පොලිස්පතිවරයා සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇත.

වැඩ බලන පොලිස්පති සී. ඩි. වික‍්‍රමරත්න පොදු ප්‍රවාහන සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

එසේම බස් ඇතුළු සියලු පොදු ප්‍රවාහන සේවා භාවිත කරන අය මුව ආවරණ පැළඳිය යුතු බවත් මගීන් අතර පරතරය මීටරයක් තබාගත යුතු බවත් එහි සඳහන් වෙයි.

බස් රථවලට නැඟීමේ දී අදාළ බස් නැවතුම්වල ඇති පිරිසිදුකරන දියර යොදා දෑත් පිරිසිදු කරගත යුතු බව ද ආධාරකයක් ස්පර්ශ නොකර බසයට නැඟීම සඳහා රියදුරා සහ කොන්දොස්තරවරයා මගීන්ට සාධාරණ කාලයක් දිය යුතු බව ද එහි සඳහන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස