ත්‍රස්තවාදය මැඩලීමට බුද්ධි අංශ ශක්තිමත් කළ යුතුයි! ඒ සඳහා නව පනතක් ගෙන ආ යුතුයි! – අජිත් රෝහණ පාස්කු කොමිසමට කියයි….

November 29, 2020 at 9:11 pm | by emanisa.lk

ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා බුද්ධි අංශ ශක්තිමත් කිරීමට වෙන ම පනතක් ගෙන ආ යුතු බව පොලිස් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මාධ්‍ය ප්‍රකාශක නීතිඥ අජිත් රෝහණ පවසයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජානාධිපති කොමිසම හමුවේ ඊයේ (28) පස්වරුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු මේ බව පැවසී ය.

අත්අඩංගුවට පත් සැකකරුවන් සම්බන්ධයෙන් දේශපාලඥයින් යම් බලපෑමක් සිදුකරන බව හැඟේ නම් ඔවුන්ට විරුද්ධව නෛතික පියවර ගැනීමට දණ්ඩ නීති සංග්‍රහයේ ප්‍රතිපාදන ඇති බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

නියෝජ්‍ය පොලිස්පතිවරයා ව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට කැඳවා තිබුණේ ත්‍රස්තවාදය වැළැක්වීම සම්බන්ධයෙන් මෙ රට නීති පද්ධතිය තුළ සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව නිර්දේශ ලබාගැනීම සඳහා ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *