ත්‍රස්ත විරෝධී පනත ශක්තිමත් කරන තවත් පනතක් ගේනවා..!

April 12, 2023 at 9:18 am | by emanisa.lk

ත්‍රස්ත විරෝධී පනත තව දුරටත් ශක්තිමත් කිරීම උදෙසා විකාශන අධිකාරිය පනතක් ගෙන ඒමට නියමිතව සිටින බවත් ඒ හරහා රටේ නිදහස් මාධ්‍ය නියාමනය කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

මෙය තොරතුරු දැන ගැනීමේ අයිතියටත්,මාධ්‍ය නිදහසට එරෙහි බරපතළ ක්‍රියාමාර්ගයක් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මේ මගින් ආණ්ඩුවට අවනත සහ අනුගත රූකඩ මාධ්‍ය සංස්කෘතියක් බිහි කිරීමට කටයුතු කරමින් සිටින බවත් කොළඹ දී ඊයේ විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම චෝදනා කළේය.

ආඥාදායක ඒකාධිපති විකාශන අධිකාරි පනතක් ගෙන ඒම හරහා රටේ මාධ්‍යයට කරන්නට යන තර්ජනය වහා නතර කිරීම සඳහා පෙරමුණ ගන්නා බව ද විපක්ෂ නායකවරයා එහි දී තවදුරටත් කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *