ත්‍රස්ත ආණ්ඩුව අපේ දෑත් දෙපා බැඳ ළිඳකට දැම්මා…! – ඛනිජ තෙල් වෘත්තීය සමිති…

March 30, 2023 at 7:47 pm | by emanisa.lk

ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් ඇතුළු ක්‍රියාකාරීන් 20 දෙනෙකුට ඛනිජ තෙල් සංස්ථාවට ඇතුළු වීම තහනම් කිරීම සිය අයිතීන් උල්ලංඝනය කිරීමක් බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති ආචාර්ය අශෝක රන්වල පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තමන්ට හිමි වෘත්තීය සමිති කිරීමේ අයිතිය බලහත්කාරයෙන් උදුරා ගෙන ඇති බවටයි, අශෝක රන්වල චෝදනා කළේ.

මෙය සිය අතපය බැඳ දෑස් බැඳ ළිඳකට දැමීමට සමාන බවත් මෙය රාජ්‍ය ත්‍රස්තවාදය බවත් හෙතෙම අවධාරණය කරයි.

ඇමැති කාංචන විජේසේකරට ඒ සඳහා කිසිවෙකු බලය ලබා දී නැති බවත් ඉදිරියේදී මෙම ත්‍රස්තවාදය පරාජය කරන බවත් ආචාර්ය ආශෝක රන්වල වැඩි දුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *