ත්‍රස්තවාදයෙන් රට බේරාගත් මහා නායකයා රනිල්…! – එස්.එම්. චන්ද්‍රසේන…

August 22, 2022 at 6:31 am | by emanisa.lk

රනිල් වික්‍රමසිංහ යනු වර්තමානයේ බිහි වූ ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාගත් නායකයා බවත් ඒ නිසා ඔහුට ගෞරව කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ කොටි ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනීමට එය සමාන බව ද ඔහු පැවසීය.

තමන්ගේ නිවස ද ගිනිබත් කර තිබිය දී රනිල් වික්‍රමසිංහ රටේ පාලනය සාමාන්‍ය තත්ත්වයට පත් කරන ලද බව ද හෙතෙම පැවසීය.

අනුරාධපුරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සව අවස්ථාවක් අමතමින් හිටපු ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා හිටපු ඇමැතිවරයා සහ ඔහුගේ සොහොයුරු හිටපු මධ්‍යම පළාත් මහ ඇමැති එස්.එම්. රංජිත් සුබ පැතුම් පුවරු ද සවි කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *