තහනම ඉවත් කළේ වෙන නම්වලින් ඉන්න කොටි සංවිධානවල…! ජාතික ආරක්ෂාව හොඳට ම අනතුරේ…! – අජිත් පී. පෙරේරා…

August 16, 2022 at 11:43 am | by emanisa.lk

LTTE සංවිධානය බෙදුම්වාදය සඳහා මුදල් එකතු කළේ වෙනත් නම්වලින් පෙනී සිටිමින් බව සමගි ජන බලවේග විධායක නිලධාරී නීතීඥ අජිත් පී. පෙරේරා පවසයි.

එහෙයින් එම සංවිධානයට මුදල් ඇතුළු ආධාර ලබා දුන් සංවිධාන ගණනාවක් ලංකා ආණ්ඩුව සහ ලොව වෙනත් රටවල් මගින් තහනම් කර ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.

එහෙත් ආර්ථික දුෂ්කරතාවයෙන් මිදීම සඳහා දෙමළ ඩයස්පෝරාවේ මුදල් ලංකාවට ගෙන ඒම සඳහා එම සංවිධානවල සහ පුද්ගලයින්ගේ තහනම තොග වශයෙන් ඉවත් කිරීම ඉතා ම අනතුරුදායක බව අජිත් පී. පෙරේරා අවධාරණය කරයි.

තවමත් බෙදුම්වාදය වෙනුවෙන් කටයුතු කරන සංවිධානවල තහනම ඉවත් කර ඔවුන්ගේ මුදල් ලබා ගෙන රට ගොඩනැඟීමට උත්සාහ කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස