තවමත් රටේ වගාවට සූදානම් වගාබිම්වලින් 1/3ක් විතරයි…! තත්ත්වය වෙනස් නොවුණොත් දුර්භික්ෂයක් අනිවාර්යයි…! – බැසිල් අනතුරු අඟවයි…

November 6, 2021 at 9:35 pm | by emanisa.lk

ඉදිරි කන්නය සඳහා වගා කළ හැකි බිම්වලින් මේ වන විට වගාවට සූදානම් කර ඇත්තේ 1/3ක් පමණක් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට පෙන්වා දී තිබේ.

මේ සතියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය රැස්වූ අවස්ථාවේ පොහොර ප්‍රශ්නය ගැන හටගත් සාකච්ඡාවේ දී මුදල් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

එහිදී සංඛ්‍යා දත්ත ගෙනහැර දක්වමින් වැඩිදුරටත් කරුණු දක්වා ඇති අමාත්‍යවරයා දැනට සාර්ථක ලෙස සිය කුඹුරු සහ වෙනත් ගොවිබිම් වගාකර ඇත්තේ කුරුණෑගල සහ උතුරු නැගෙනහිර දිස්ත්‍රික්කවල පමණක් යැයි සඳහන් කළේය.

තත්ත්වය මෙසේ පැවතුණහොත් ඉදිරි කාලයේ රට ආහාර හිඟයකට මුහුණ දෙනු ඇති බවට ඔහු අනතුරු ඇඟවීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *