පසුගිය රජයේ කැබිනට් ඇමතිවරුන් ඇතුළු තවත් හිටපු මැති ඇමතිවරු පිරිසක් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවට ප්‍රකාශ කර තිබේ.
පසුගිය ආණ්ඩුවේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ප්‍රසන්න රණතුංග සහ තාක්ෂණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කනක හේරත් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවෙති.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ චමල් රාජපක්ෂ, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න ද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර තිබේ. එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා ද මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බව පවසයි.