ශ්රී ලංකා ආණ්ඩුව තවත් රු. මිලියන 85000ක භාණ්ඩාගාර බිල්පත් හෙට (09) වෙන්දේසී කිරීමට නියමිතය.
ඒ දින 91න් කල් පිරෙන මිලියන 40 000ක්, දින 182න් කල් පිරෙන මිලියන 35000ක් සහ දින 364න් කල් පිරෙන මිලියන 10 000ක් වශයෙනි.
වර්තමාන ආණ්ඩුව බලයට පැමිණි පසු සැප්තැම්බර් 25 වෙනිදා රු. මිලියන 120 000ක ද ඔක්තෝබර් 02 වෙනිදා රුපියල් මිලියන 142500ක ද භාණ්ඩාගාර බිල්පත් අලෙවි කළ අතර ඊයේ (08) ලෝක බැංකුවේ ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණය පහසුකමක් ද ලබා ගත්තේය.