විදේශ ආයෝජන ආවේ නෑ නෙමේ! අපි සීමා කළා! – මහ බැංකුව

January 30, 2019 at 5:09 am | by admin

දේශීය ආයෝජකයින්ට වැඩි ඉඩක් ලබාදීමේ අරමුණින් භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරවල විදේශ ආයෝජන සීමාව සියයට 10 සිට සියයට 5 දක්වා අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කොට ඇත.

විදේශිකයින් මෙරටට විදේශ මුදල් වර්ග ගෙනවිත්, ඒවා ශ්‍රී ලංකා රුපියල් බවට හුවමාරු කළ දේශීය අරමුදල් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමේ වැඩි උනන්දුවක් හා නව ප්‍රවණතාවක් මේ වනවිට දක්නට ලැබේ.

මුදල් මණ්ඩලය ගනු ලැබූ නව තීරණයත් සමඟ විදේශිකයින්ගේ ආයෝජනවලට දැඩි බලපෑමක් එල්ල නොවනු ඇත. එනමුත් දේශීය ආයෝජකයින්ට දේශීය අරමුදල් වෙළෙඳපොළේ මුළු වටිනාකමින් සියයට 95කට ආයෝජන සිදු කිරීමට මින් අවස්ථාව උදාවන බව මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කෙළේ ය.

දැනට විදේශ ආයෝජන 03%කට කිට්ටු ප්‍රමාණයක් එනම් රුපියල් මිලියන 828 ක ආයෝජන වාර්තා වන අතර තවත් 02%කින් වැඩි කිරීමට මහ බැංකුව ඉඩහැර ඇත.

එය සමස්ත ආයෝජනවලට සාපේක්ෂව 2.85%ක් තරම් වේ. තවත් රුපියල් මිලියන 625 ක තරම් මුදලක් විදේශ ආයෝජකයින්ට ආයෝජනය කිරීමට අවස්ථාව ඇති බව ද එම නිලධාරියා සඳහන් කළේ ය.

කෙසේ වුවද පසුගිය මැතිවරණ සමයේ සිය ආණ්ඩුවක් යටතේ රටට විදේශ ආයෝජන මහ පරිමාණයෙන් ගෙන එන බව එවක විපක්ෂයේ දේශපාලන නායකයෝ සපථ කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස