පුද්ගල කේන්ද්‍ර දේශපාලනයක් ඉදිරියට සිදු නොකරන බව හිටපු අමාත්‍ය, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.
ස්වාධීන පක්ෂ එකමුතුව විසින් පිහිටුවන නව දේශපාලන සන්ධානය පිළිබඳ අදහස් දක්වමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.
“විපක්ෂයේ සිට ආණ්ඩුව විවේචනය කිරීම හරහා බලය ලබාගැනීම වෙනුවට ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර හොයලා, ඒ උත්තර ආණ්ඩුවට කරන්න කියලා බල කරලා ආණ්ඩුව කරන්නේ නැතිනම් ජනතාවත් එක්ක එකතුවෙලා අපි කරන අලුත් විපක්ෂයේ දේශපාලන සංස්කෘතියක් රටට හඳුන්වා දීමේ නැවුම් සන්ධානයක් අපි දියත් කරනවා.
අපේ නායකත්ව මණ්ඩලයක් ඉන්නේ. එකේ සභාපති ධුරයට විමල් වීරවංශ මහතා පත් කිරීමට නියමිතයි. ඇත්තටමත් අපි තව දුරටත් නායකයෝ බිහි කරන්නේ නෑ. මෙතෙක් කල් අපේ දේශපාලනය වුණේ පුද්ගල කේන්ද්‍රීයව. කට්ටියක් යහපාලනය උදාකරන්න කියලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගෙනාවා. අපි සෞභාග්‍ය උදාකරන්න කියලා ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙනාවා. තව දුරටත් අපි පුද්ගලයෝ පස්සේ යන්නේ නෑ. පුද්ගල කේන්ද්‍ර දේශපාලනය කරන්නේත් නෑ.
බුදුහමුදුරුවෝ දේශනා කරනවානේ මගෙන් පස්සේ නායකත්වයට පත් වන්නේ ධර්මයයි කියලා. අන්න ඒ වගේ වැඩ පිළිවෙලකට නායකත්වය දීලා තමයි අපි ඉදිරියට දේශපාලනය කරන්නේ. ඒ නිසා කවුරුන් කා හට එකතු වෙනවාද කියන ප්රශ්නය මින් මතුවට ශ්‍රී ලංකා දෙශපාලනයේ මතු වෙන්නේ නෑ.”