රටේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව සියයට 15 – 20ත් අතර සංඛ්‍යාවකින් ඉහළ ගොස් ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය අන්වර් හම්දානි පවසයි.
මේ තත්ත්වය නිසා ජනතාව මේ මොහොතේ දී අයුතු ලෙස ඒකරාශීවීමෙන් වැළකී බුද්ධිමත්ව කටයුතු කිරීම වැදගත් බව ද හෙතෙම අවධාරණය කරයි.
රෝහල්වලට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 7010 ක් වන අතර ඉන් ඔක්සිජන් මත යැපෙන සංඛ්‍යාව 105ක් ද දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 55ක් ද වෙයි.
ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව කොවිඩ් තෙවැනි රැල්ල අවසානයේ 1038ක් දක්වා ඉහළ ගිය අතර දැඩි සත්කාර ඒකකයන්හි ප්‍රතිකාර ලැබූ රෝගීන් සංඛ්‍යාව 201 දක්වා ඉහළ ගියේය.
ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව සහ දැඩි සත්කාර ඒකකයන්හි ප්‍රතිකාර ලබන රෝගින් සංඛ්‍යාව මේ වනවිට යම් පහළ මට්ටමක පවත්වාගෙන යෑමට හැකිවී ඇත්තේ එන්නත්කරණයේ බලපෑම නිසා හෙයින් එන්නත්කරණයට වැඩි වැඩියෙන් යොමු වන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ද වෛද්‍ය අන්වර් හම්දානි ප්‍රකාශ කළේය.