තවත් කොවිඩ් ආසාදිතයින් 895ක්…! සමස්ත රෝගීන් ගණන ලක්ෂය පනී….! 5789ක් රෝහලේ….!

April 25, 2021 at 9:07 am | by emanisa.lk

ඊයේ (24) දිනය තුළ මෙරටින් හඳුනාගත් නව කොවිඩ් – 19 වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 895ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන්ගෙන් 862 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් 18 දෙනෙකුත් විදෙස් රටවල සිට පැමිණි 15 දෙනෙකුත් සෙසු ආසාදිතයින් වශයෙන් හඳුනාගෙන ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ සමග මෙරටින් මෙතෙක් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 100,586ක් දක්වා ඉහළ ගොස් ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන සක්‍රිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5789ක් දක්වා ඉහළ නැග තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *