තලතාට එජාපයෙන් ආරාධනා…!

August 24, 2024 at 11:30 am | by emanisa.lk

හිටපු සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරළට එක්සත් ජාතික පක්ෂයෙන් ආරාධනයක් ලැබී තිබේ.

හෙට (25) පැවැත්වෙන එජාප විධායක සභා රැස්වීම සඳහා එකතු වන ලෙස මෙලෙස ඇරයුම් කර තිබේ.

එසේම එළඹෙන 28 වෙනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් රත්නපුර නගරයේ පැවැත්වෙන ජන රැලියට ද තලතා අතුකෝරළට ආරාධනා කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *