තරුණයෙකුගේ වෘෂණ තැලූ ටීචර් අම්මා අත්අඩංගුවට ගන්න නියෝග…!

May 10, 2025 at 12:45 pm | by emanisa.lk

තරුණයෙකුට සිදුකළ පහරදුන් ජනප්‍රිය ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරියක් වන හයේශිකා ප්‍රනාන්දු (ටීචර් අම්මා) අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයාට එල්ල කළ බව කියන පා පහරක් එම තරුණයාගේ වෘෂණ කෝෂවලට වැදී ඇති අතර පසුව ඔහු ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධියෙන් පසු හයේශිකා ප්‍රනාන්දු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඇගේ සැමියා සහ කළමනාකරු කටාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇත.

හයේශිකා ප්‍රනාන්දු සම්බන්ධයෙන් විමර්ශන සිදුකර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මීගමුව මහේස්ත්‍රාත්වරයා කටාන පොලීසියට නියෝග කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *