තණබිම් නැතිව උතුරේ ගව සම්පත හාමතේ මැරි වැටේ….!

January 11, 2021 at 6:03 pm | by emanisa.lk

මුලතිව් ඇතුළු ඇතුළු උතුරු පළාතේ ගව හිමියන් සිය ගව පට්ටි සඳහා තණබිම් නොමැති නිසා බලවත් දුෂ්කරතාවකට මුහුණ පා ඇතැයි වාර්තා වෙයි.

විශේෂයෙන් වියළි කාලයේ ගවයින්ට ප්‍රමාණවත් තණකොළ ලබා ගත නොහැකි වීම නිසා ඔවුන්ගේ ජීවිකාව කර ගත නොහැකි තත්ත්වයට පත්ව ඇත.

මේ හේතුවෙන් ගවයින් දැඩි ලෙස කෘෂ වී මන්දපෝෂණයෙන් පෙළෙන තත්ත්වයක් දැකගත හැකි අතර දෛනික කිරි නිෂ්පාදනයට එම තත්ත්වය ඉතා ම අහිතකර ලෙස බලපෑම් කරමින් තිබේ.

ඇතැම් ගව පට්ටිවල ගවයින් කුසගින්නේ ප්‍රධාන මාර්ග ඔස්සේ කෑම සොයා ගමන් කරන අයුරු සහ ඇතැම් ගවයින් හාමතේ මැරී වැටී සිටින අයුරු මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම ගැටළු සඳහා ඉක්මන් විසඳුම් ලබා දීමට රජය මැදිහත් විය යුතු බව එම ගව පට්ටි හිමියන්ගේ අදහසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *