ණය මෙතරම් ඉක්මනින් ගෙවයි කියලා හිතුවේ නෑ..! – බංග්ලාදේශය…

September 20, 2023 at 3:55 pm | by emanisa.lk

එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලයේ 78 වැනි සැසිවාරය අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ඊයේ (19) ආරම්භ කෙරුණ

ඊට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා අතර හමුවක් ද එහි දී සිදුවිය.

පසුගිය කාලයේ බංග්ලාදේශයෙන් ලබාගත් ණය, මෙතරම් කෙටි කාලයකදී ගෙවා නිම කිරීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි තමා නොසිතූ බව බංග්ලාදේශ අගමැතිනිය එහි දී සඳහන් කර තිබේ.

එම ණය ගෙවීම තුළ පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව ක්‍රමිකව උදාකරගෙන ඇති ආර්ථික ප්‍රගතිය බවත් එය අඛණ්ඩව පවත්වාගෙන යාමෙන් ශ්‍රී ලංකාවේ තත්ත්වය වඩාත් යහපත් වනු ඇති බවත් ඇය සඳහන් කරයි.

අභියෝගාත්මක කාලවකවානුවේ දී බංග්ලාදේශය ශ්‍රී ලංකාවට දැක්වූ සහයෝගය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අගමැතිනි ෂෙයික් හසීනාට සහ බංග්ලාදේශ ජනතාවට සිය කෘතඥතාව පළකළේය.

එම වසර අවසන් වීමට පෙර බංග්ලාදේශයේ නිල සංචාරයක නිරත වීමට අපේක්ෂා කරන බව රනිල් වික්‍රමසිංහ පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *