ශ්‍රී ලංකාවේ විදෙස් ණය ගෙවීම නතර කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ තමාට උපදෙස් ලබා දුන්නේ ලෝක පූජිත උපදේශකවරුන් වන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ශාන්ත දේවරාජන් සහ නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන අය බව හිටපු මඅදල් ඇමැති, විදේශ ඇමැති මොහොමඩ් අලි සබ්රි ප්‍රකාශ කරයි.
තවද, ණය පැහැර හැරීම වෙනුවෙන් තමා සම්පූර්ණ වගකීම භාර ගන්නා බව ද ඇමැතිවරයා අවධාරණය කරයි.
අමාත්‍ය අලි සබ්‍රි මේ බව ප්‍රකාශ කර ඇත්තේ හිරු රූපවාහිනී නාලිකාවෙහි දේශපාලන සංවාදයකට එක්වෙමිනි.