ණය ප්‍රතිව්‍යුහගතකරණයට ඉන්දු-චීන කැමැත්ත..! IMF පළමු ණය මාර්තුවේ…!

January 21, 2023 at 7:24 am | by emanisa.lk

ශ්‍රී ලංකාව වෙනුවෙන් මූල්‍ය සහතික ලබා දෙමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනය ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සිය කැමැත්ත ප්‍රකාශ කිරීමට තීරණය කර ඇත.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැමැත්ත පළ කළ පළමු රට ඉන්දියාව වන අතර ඔවුන් නිල වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ද එය දැනුම් දී තිබේ.

ඉන්දියාව සිය කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් පසු චීනය ද නිල නොවන මට්ටමින් ජනාධිපති කාර්යාලයට සහ විදේශ කටයුතු අමාත්‍යාංශයට සිය ස්ථාවරය දැනුම් දී ඇත. ජපානය ද ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැමැත්ත පළ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන දෙකයි දශම නවයක (2.9) මුදලක් ලබා ගැනීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සිදුව තිබේ. එම මුදල අදියර වශයෙන් ලැබෙන අතර පළමු වාරිකය මාර්තු මාසයේ දී ලැබීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *