ණය අවශ්‍ය නම් රාජ්‍ය ආයතන 40ක් පෞද්ගලීකරණය කළ යුතුයි…! – IMF…

August 7, 2022 at 2:43 pm | by emanisa.lk

ය ලබා දීමේ කොන්දේසියක් ලෙස රාජ්‍ය ආයතන හතළිහක් පෞද්ගලීකරණය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලීමක් කර ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

එම පෞද්ගලීකරණ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන අවස්ථාවේ දී විපක්ෂය හැටියට අවශ්‍ය සහයෝගය දිය හැකි බව ද හෙතෙම සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට දැඩි ආර්ථික ක්‍රියාදාමයන් ගැනීමට සිදුවන බව ජනාධිපතිවරයා දැනුම් දුන්නේ යැයි ද ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේය.

විපක්ෂයේ අනන්‍යතාව ආරක්ෂා කරගෙන ආණ්ඩුවට සහාය ලබා දීමේ හැකියාව ඇති බව පැවසූ මන්ත්‍රීවරයා ඒ සඳහා ආණ්ඩුවට ඇතුළුවීමේ අවශ්‍ය නැතැයිද ප්‍රකාශ කළේය.

අද ආණ්ඩුව කියන්නේ රාජපක්ෂවරුන්ගේ කුණු හෝදන කුණු ලොරියක් හෙයින් ඊට සම්බන්ධවීමේ අවශ්‍යතාවක් නැතැයි ද ලක්ෂමන් කිරිඇල්ල වැඩි දුරටත් පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *