ණයට කාලා ගෙවා ගන්න බැරිව රට බංකොලොත්..! ඒත් මාස 10ට ඩොලර් මිලියන 330ක රට එළවළු පළතුරු කාලා…!

December 5, 2023 at 9:51 am | by emanisa.lk

මෙම වසරේ ජනවාරි මස සිට ඔක්තෝබර් දක්වා මාස දහයක් තුළ මෙරටට එළවළු හා පලතුරු ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 331.3 ක් වැය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඉකුත් 2022 වර්ෂයේ මෙම කාල සීමාව තුළ එළවළු හා පලතුරු ආනයනය කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 313.6ක් වැය කර ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.

මහ බැංකු වාර්තාවට අනුව 2022 වර්ෂයට සාපේක්ෂව මෙම වසරේ මෙම කාල පරිච්ඡේදය තුළ එළවළු හා පලතුරු ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 17.7 ක් වැඩිපුර වැය වී ඇත.

එමෙන්ම මෙම වර්ෂයේ ඔක්තෝබර් මාසයේ පමණක් එළවළු හා පලතුරු ආනයනය කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 30.2ක් වැය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *