ඩොලර් හිඟයෙන් පුරාවිද්‍යා උරුමයත් අනතුරේ…!

October 8, 2022 at 1:21 pm | by emanisa.lk

රසායන ද්‍රව්‍ය හිඟය හේතුවෙන් පුරාවිද්‍යා සංරක්ෂණ සහ කැණීම් කටයුතුවලටද දැඩි බාධා එල්ල වී ඇතැයි වාර්තා වේ. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග පවසන්නේ ඩොලර් ගැටළුව හේතුවෙන් රසායන ද්‍රව්‍ය ගෙන්වීමට බාධා මතුව ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයකු පැවසුවේ රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන ඩොලර් වෙන්කිරීමට හැකියාව ඇත්තේ අත්‍යවශ්‍යම කටයුතු සඳහා පමණක් බවයි.

මේ අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විවිධ වාර්තා පිළියෙළ කිරීමට ද කඩදාසි හිඟය ද සේවක අතීකාල ගැටලු නිසා සේවක හිඟය ද ඇතැයි දැනගන්නට ඇත.

ජනාධිපති මන්දිරයේ විනාශ වූ භාණ්ඩ සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන කටයුතුවලට ද සේවක ප්‍රශ්නය හේතුවෙන් බාධා මතුව ඇතැයි වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *