ලබන ජනවාරියේ ඉන්දීය රජය ශ්‍රී ලංකාවට ලබාදීමට යෝජිත මූල්‍ය ආධාර පැකේජය නිවේදනය කිරීමට පෙර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් යෝජිත ඒකාබද්ධ වැඩපිළිවෙළට අදාළව ශ්‍රී ලංකාව නිල නිවේදනයක් නිකුත් කළ යුතු බව ඉන්දියාව දැනුම් දී ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.
මෙම තෙල් ටැංකිවල ඉන්දීය තෙල් ගබඩා කොට ඉන් ශ්‍රී ලංකාවේ අවශ්‍යතා මත තෙල් සැපයුමට ද යෝජනාවක් ඉදිරිපත්ව ඇත. මෙම ක්‍රමය අනුගමනය කළහොත් දැනට වඩා අඩු මිලට මෙරටට ඉන්ධන ලබාගත හැකි වෙතැයි සඳහන් වෙයි.
කෙසේ වෙතත් ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා මුදල් අමාත්‍යංශය එකඟ වී ඇත්තේ ලබන ජනවාරියේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1900ක පමණ පැකේජයක් සම්බන්ධයෙනි.
එය සමන්විත වන්නේ ඩොලර් මිලියන 1000ක් ආහාර සහ ඖෂධ ලබා ගැනීමටත් ඉන්ධන මිල දී ගැනිමට ඩොලර් මිලියන 500ක් සහ විදේශ සංචිත කර ගැනීමට ඩොලර් මිලියන 400ක් වශයෙනි.