ඩොලර් බිලියන 2.9ක ණයකට අනුමැතිය..! ඩොලර් අර්බුදය අදින් අවසන්…! – මහ බැංකු අධිපති…

March 20, 2023 at 8:13 am | by emanisa.lk

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක ණය මුදල සඳහා විධායක කමිටු අනුමැතිය අද (20) ලැබීමට නියමිත හෙයින් ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය අවසන් බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා ප්‍රමාණවත් විදෙස් සංචිත ඒත් සමඟ ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බව ආචාර්ය වීරසිංහ පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල මෙරටට ලැබීමත් සමග ආයෝජකයන් ශ්‍රී ලංකාව පිළිබඳ තබන විශ්වාසය තවත් වැඩි වනු ඇති බවත් එමගින් ශ්‍රී ලංකාවට නව විදෙස් අරමුදල් සහ ආයෝජන අවස්ථා සඳහා නව අවස්ථා ලැබෙනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැකේජයට අයවැය සහාය ඇතුළත් වන බවත් එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැකේජවල ඇතුළත් නව අංගයක් බවත් ඔහු වැඩි දුරටත් පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *