ඩොලර් ගෙනැත් රට ගොඩ ගන්න මට පුළුවන්..! කුණාටුව මැද නැවේ සුක්කානම ගන්න බයක් නෑ,..! – ධම්මික…

June 22, 2022 at 2:45 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව ගිලෙන නැවක් ලෙස ඇතැමුන් දුටුව ද තමන් එය දකින්නේ සෙලවෙන නැවක් ලෙස යැයි අද (22) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් ධම්මික පෙරේරා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, සාමාන්‍ය නිසල මුහුදක නැව පදවා ගෙන යාමට ඕනෑ ම අයකුට හැකි වුව ද කුණාටු සහිත අවස්ථාවක ඒ සඳහා විශේෂඥයින් අවශ්‍ය බවත් තමන් පාර්ලිමේන්තුවට පැමිණියේ ඒ සඳහා බවත් ය.

තමන් ණය ගැනීමට නොව රටට ඩොලර් උපයා දීමට දක්ෂයකු බවත් යුද්ධ සමයේ ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් ලද දැනුම ඒ සඳහා උපකාරී වනු ඇති බවත් හෙතෙම සඳහන් කරයි.

තමන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට වෙනත් අයකුට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති පසුබිමක ස්වේච්ඡාවෙන් ම ඊට ඉදිරිපත් වී ඉල්ලා අස් වූ බැසිල් රාජපක්ෂට ගරු කරන බවත් ධම්මික පෙරේරා වැඩි දුරටත් සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව එම පරිශ්‍රයෙන් නික්ම යන අවස්ථාවේ මාධ්‍ය අමතමින් ඔහු මේ බව කීවේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *