ඇමරිකාවේ විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි තබා ඝාතනය කිරීමේ උත්සාහයක් වාර්තා වන බව සමගි ජන බලවේගය පවසයි.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පෙන්වා දෙන්නේ මෙය කිසිසේත් අනුමත කළ නොහැකි කනගාටුදායක තත්ත්වයක් බවයි.
ලංකාවේ ද මේ ආකාරයට ම මැතිවරණ දේශපාලන පක්ෂ සිය අරමුණු ඉටු කරගත නොහැකි වූ අවස්ථාවල විරුද්ධ අපේක්ෂකයන්ට එරෙහිව ප්රචණ්ඩත්වය දියත් කළ අවස්ථා ඇතැයි හෙතෙම පෙන්වා දෙයි.
මේ අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් විය යුතු අතර එහි වගකීම රජය ගත යුතු බවයි, එරාන් වික්‍රමරත්න අවධාරණය කළේ.
ප්රජාතන්ත්රවාදී රටක පාලනය පවත්වා ගෙන යා යුත්තේ ආයුධවලින් නොව ජන මතය විමසන මැතිවරණවලින් බව ද හෙතෙම කීය.